ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ආර්.ඒ. හෆීස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
අප කළ වීමසීමකදී කතානායක කරූ ජයසූරිය මහතා පැවසුවේ මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම, පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී ඇති බව ය.
ඊයේ (19) පස්වරුවේ හෆීස් මහතා තමන් හමුවී ඒ පිළිබදව දැනුම් දුන් බව ද කතානායකවරයා මාධ්‍ය වෙත පැවසීය.
හෆීස් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාගේ සහෝදරයෙක් වේ..








