මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගේ බ්‍රිතාන්‍ය සංචාරය සම්බන්ධයෙන් මාලදිවයින් රජය කොන්දේසි පනවා තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥවරයෙකු සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ ප්‍රතිකාර ලබා යළි පැමිණෙන තෙක් ඔහුගේ සමීපත ම ඥාතියෙකු මාලේ අගනුවර ප්‍රාණ ඇපකරුවෙකු ලෙස තබා ගැනීමට රජය පියවර ගෙන ඇති බව ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධානවල බලපෑම් හමුවේ මොහොමඩ් නෂීඩ්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය බලා යාමට අවසර දීමට මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමින් එකඟ විය.








