FAST NEWS

24×7 Around the Globe

තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාව නොදීමට එරෙහිව රජයට නඩු ?

ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා නොදීමට පිලිබඳ ව රජයට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය සුදානම් වේ.

එහි සභාපති රංජිත් විතානගේ සදහන් කළේ ආණ්ඩුව මෙම සහනය ලබා නොදේනම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවය.

වත්මන් ඉන්ධන මිල අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 90.00ක් සහ ඩීසල් ලීටරයක් රුපියල් 70.00ක් දක්වා පහළ දැමීමට හැකි බව ඔහු පෙන්වා දෙයි..

2004 වසරේ අප්‍රේල් මාසයෙන් පසු මේ වන විට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක පහළම අගය ඇමරිකානු ඩොලර් 29.42 ක් ලෙසින් වාර්තාවී තිබේ.