FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය ජූනි – ගැසට් පත්‍රය අප්‍රේල් මාසයේ.

පළාත් පාලන මැතිවරණය එළඹෙන ජූනි මස පවත්වන බව හා ඊට අදාළ ගැසට් නිවේදනය අප්‍රේල් මස ප්‍රකාශයට පත්කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

අප්‍රේල් මසට ප්‍රථම සීමා නීර්ණ කටයුතු නිමාකරන මෙන් සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතාට දැනුම්දී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේ අද(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

පැරණි ක්‍රමය යටතේ එළඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිදු අදහසක් නොමැති බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.