FAST NEWS

24×7 Around the Globe

පොරොන්දු වූ රුපියල් 2500 මෙවර වැටුපට නෑ.

රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට එකතු කිරීමට පොරොන්දු වූ රුපියල් 2500 මෙවර වැටුපට එකතු වී නැතැයි රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමීති සම්මේලනයේ ලේකම් අජිත් කේ තිලකරත්න මහතා අද (19) නිවේදනයක් නිකුත් කරමින් කියයි.

අගමැතිවරයා දුන් පොරොන්දුව භාණ්ඩාගාරයෙන් ඉටු නොකිරීම නිසා රාජ්‍ය සේවකයන්ගේ රජය ගැන විශ්වාසය බිඳ වැටෙන බව ද ඔහු පවසයි.