FAST NEWS

24×7 Around the Globe

විදුලි පාරිභෝගිකයන්ට සියල්ලටම ස්මාර්ට් විදුලි මීටරයක්.

විදුලි පාරිභෝගිකයන්ට සහන ලබාදීම සඳහා මේ වනවිට හඳුන්වාදී ඇති ස්මාට් විදුලි මීටරය, දැනට විදුලිය ලබාගෙන තිබෙන ලක්ෂ 50 කට අධික පාරිභෝගික ජනතාවටද ලබාදීමට තීරණය කර තිබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

දැනට විදුලි සම්බන්ධතා ලබාගන්නා සියලුම දෙනාටම මෙම විදුලි මීටරය ලබාදෙන බවත්, ඊට සාපේක්ෂව දැනට විදුලිය ලබාගෙන සිටින පිරිසටද ස්මාර්ට් විදුලි මීටරය ලබාදෙන බවද ඔහු පවසා සිටියේය.