කොළඹ – වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනයට ලක් කර සති තුනක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) නියෝග කර සිටියේය.
ධීවරයින් පිරිසක් පෝට් සිටි ව්‍යාපෘතිය මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට පවසමින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.
එම පෙත්සම අද (19) විභාගයට කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥයින් අධිකරණයට සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් නව වාර්තාවක් දැනට ඉදිරිපත් කර ඇති බවය.
එම හේතුවෙන් පෙත්සමේ සඳහන් කරුණු මේ වනවිට වෙනස්ව ඇති බවද ඔවුන් ප්‍රකාශ කළ අතර ඒ අනුව අගවිනිසුරුවරයා ප්රමුඛ ද්විපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට නියෝග කළේ සති තුනක් ඇතුළත සංශෝධිත පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
එ අනුව මෙම පෙත්සම යළි මාර්තු මස 17 වනදා කැඳවීමට නියමිතය.







