පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසක් ආරම්භ කළ විරෝධතා පා ගමනට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට දේශපාලන අයිතිය ලබාදිය යුතු බව හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස බලකරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබූණී.
අද දහවල් මොවුන් සිය විරෝධතාව ආරම්භ කළේ මරදාන – ටෙක්නිකල් මංසන්ධියේ සිටයි.
ඔවුන් පොලිස් මාර්ග බාධක බිඳ දමමින් ලෝටස් වටරවුම පසු කර ජනාධීපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදියි මෙලෙස පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ.
—————————– (update)
පෙරටුගාමීන්ගේ පා ගමනක් නිසා කොටුව අවට දැඩි රථ වාහන තදබදයක්.
කුමාර් ගුණරත්නම්ට දේශපාලන අයිතිය ලබාදිය යුතු බව හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලමීන් සංවිධානය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂ ක්‍රියාකාරීන්ගේ පාග ගමනක් නිසා කොළඹ කොටුව අවට මාර්ග වල දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ.
මෙවන විට පාගමන මරදාන ටෙක්නිකල් හංදියේ සිට කොළඹ කොටුව ජනාධීපති ලේකම් කාර්යාලය දෙසට ගමන් ගනීමීන් පවති.








