කැලණිය රජමහා විහාරස්ථානයේ දොරකඩ අස්න පෙරහැර හේතුවෙන් ඒ ආශ්‍රිත මාර්ග කිහිපයක අද දිනයේ විශේෂ රථ වාහන සැලස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
අද පස්වරු 3.30 සිට පස්වරු 8.00 දක්වා පෙරහැර වීදි සංචාරය කෙරෙන බව පොලීසිය සඳහන් කළේය.
අදාළ කාලය තුළ කොළඹ දෙස සිට කැලණිය හරහා බියගම මාර්ගය ඔස්සේ ගමන්ගන්නා වාහන පෑලියගොඩ පට්ටිය හංදියෙන් කිරිබත්ගොඩ දෙසට ගමන් කර සපුගස්කන්ද හරහා බියගම දෙසට ගමන් කළ හැකි බව සඳහන්ය.
බියගම දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන නාගහමුල හංදියෙන් දකුණට හරවා සපුගස්කන්ද, මාකොළ, කිරිබත්ගොඩ හරහා කොළඹ දෙසට ගමන් කළ හැකිය.
මීට අමතරව අද පස්වරු 3.30 සිට පස්වරු 8.00 දක්වා තොරණ හංදියෙන් වරාගොඩ මාර්ගය ඔස්සේ කැලණිය දෙසට වාහන ඇතුළු කිරීම සීමා කරන බව ද පොලීසිය සඳහන් කළේය.







