ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය ඇතුළු එම කොමිෂන් සභාවේ නිලධාරීන්ට අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණ සිදුකළ උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමාලා සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියට අදාළව වරදකරුවන් කර ඇති පොලිස් නිලධාරීන් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අද අභියාචනාධිකරණය තීරණය කළ බව අප වාර්තාකරු සඳහන් කළේය.
ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු එම කොමිෂන් සභාවේ නිලධාරීන්ට ලබන පෙබරවාරි මස 15 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.








