කොළඹ දිස්ත්‍රික්ක මැතිවරණ කොට්ඨාශ පහකට අයත් වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතරක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ලෙස නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.
ඒ අනුව බොරැල්ල, හෝමාගම, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, අවිස්සාවේල්ල යන මැතිවරණ කොට්ඨාශ පහට අයත් තිඹිරිගස්යාය, හෝමාගම, පාදුක්ක, සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතීත්වය තිලංග සුමතිපාල මහතා හිමිව තිබේ.
හෝමාගම හා පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සභාපති ධූරයේ කටයුතු කරනුයේ හිටපු අමාත්‍ය, හෝමාගම ශ්‍රීලනිප සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා වන අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතාංජන ගුණවර්ධන මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරයේ කටයුතු කරයි.








