පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති භික්ෂු කතිකාවත පිළිබඳ පනත් කෙටුම්පත කිසිසේත් අවසන් කෙටුම්පත නොවන බවත්, එය පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරීම හෝ සංශෝධනය කිරීම ත්‍රෛනිකායික මහාසංඝරත්නයේ අනුමැතියට යටත්ව සිදුකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අමරපුර නිකායේ ආදිකතෘ සැමරුම හා අමරපුර නිකායික පැවිදි සහ ගිහි උතුමන් සඳහා උපහාර පුදකිරීමේ උත්සවයට එක්වෙමින්ය.
එම පනත් කෙටුම්පත සකස් කිරීම නව රජය බලයට පත්වීමෙන් පසුව කළ දෙයක් නොවන බවත්, වසර 25ට පෙර මහා සංඝරත්නයේ ඉල්ලීම මත සකස් කළ ලද්දක් බවත් ජනාධිපතිවරයා කීවේය.







