ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා හා ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුඳුවත්ත පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පාසල් හා නගරබද ආපනශාලාවල ආහාර සැකසීමේ කටයුතුවලට අදාළව ගැටලු කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටි බවත්, එම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා අසේල සම්පත් හා ඔහුගේ බිරිඳ ජනපති නිල නිවසට ආසන්න ස්ථානයකදී අද පෙරවරුවේ උපවාසයක් ආරම්භ කර තිබිණි.
ආහාර පාන වල පිරිසිදුභාවය ගැන කතා කිරීම නිසා තමන්ට විවිධ පුද්ගලයින්ගෙන් හිරිහැර සිදු වූ බවත්, මේ නිසා තම ළමුන්ට මාස කිහිපයක් තිස්සේ පාසල් යාමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත්, හෙතෙම ප්‍රකාශ කර තිබිණි.
ඒ අනූව සිය ගැටලු ගැන ජනපති හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබුණු නිසා මෙලෙස උපවාසයක් ආරම්භ කළ බවද හෙතෙම සඳහන් කර ඇත.
අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනාට පොලිස් ඇප ලැබී ඇති බව වාර්තා වේ.







