FAST NEWS

24×7 Around the Globe

අනුෂගේ හා විශ්වජිත්ගේ තරග පාවාදීම් සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනම්.

තරග පාවාදීම් සඳහා ක්‍රීඩකයන් පොළඹවා ගැනීමට උත්සහා දැරූ බවට චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවෙකු වන අනූෂ සමරනායක හා සහය පන්දු යවන්නෙකු වන ගයාන් විශ්වජිත්ගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසුවේ, ස්ථීර සේවකයෙකු වන වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායකගේ වැඩ තහනම් කළ බව ය.

ඊට අමතරව සහය පන්දු යවන්නෙකු වන ගයාන් විශ්වජිත්ට ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කිසිදු කටයුත්තකට සහභාගී වීමට නොහැකි බව ද, මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේ ය.