FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික වැටුප් වැඩි කිරීම පිළිබඳ හදිසි සාකච්ඡාවක්.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රු. 2500 කින් වැඩිකිරීමට සහ පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 10000/= ක් බවට පත්කිරීමේ පනත් දෙක පාර්ලිමේන්තුවට ගෙන ඒමේ අවසන් එකගතාවට පැමිණීම සඳහා ජාතික කම්කරු උපදේශක සභා හදිසි රැස්වීමක් කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම නව පනත් දෙක සම්බන්ධව අවසන් එකඟතාවකට පැමිණීම සඳහා කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා විසින් මෙම විශේෂ කම්කරු උපදේශක සභා රැස්වීම පවත්වන ලදී.