‘කින්ඩර්ජෝයි’ දරුවන්ට නුසුදුසුයි?

‘කින්ඩර්ජෝයි’ දරුවන්ට නුසුදුසුයි?

කුඩා දරුවන් අතර ජනපි‍්‍රයවී ඇති චොකලට් වර්ගයක් වන කිනඩජෝයි දරුවන්ගේ පරිභෝජනයට නුසුදුසුදැයි යන්න පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පවසනවා.

මෙම චොකලට් වර්ගය නීත්‍යානුකූල නොවන අයුරින් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කර ඇති බවත් ඒ මහතා සදහන් කරනවා.

ඉන්දීය රුපියල් 35 ක් පමණ වන මෙම චොකලට් එකක් ශී‍්‍ර ලංකාවේදී රුපියල් 150 ක් වැනි මිලකට අලෙවි කරන බවද අධිකාරිය පවසනවා.

මෙම චොකලට් වර්ගයට අමතරව බිස්කට් හා චුයින්ගම් වර්ග කිහිපයක් ද නීත්‍යානුකූල නොවන අයුරින් පාරිභෝගික පනතේ විධාන අංක 12 උල්ලංඝණය කරමින් මෙරටට ගෙන්වා ඇති බවයි මර්ෂුක් මහතා සදහන් කරන්නේ.

මේ අතර පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය පිටකොටුවේ සහ කොටුව ප‍්‍රදේශවල පිහිටි වෙළඳසැල් 30ක් පමණ පරීක්ෂා කර කින්ඩජෝයි විශාල තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාරිභෝගික පනත අනුව රසකැවිලි වල නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ නම සහ ලිපිනය දැක්වීම අනිවාර්ය කර ඇතත් මෙම චොකලට්වල එවැනි නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ නම සහ ලිපිනය සදහන් කර නැතැයි අධිකාරිය පවනනවා.