FAST NEWS

24×7 Around the Globe

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට සිතාසි.

ආසියානු මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට එළැඹෙන මාර්තු මස 23දා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (18දා) සිතාසි නිකුත් කරනු ලැබීය.

විදේශීකයෙකුගෙන් මුදල් වංචා කළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ඩිලන්ත මාලගමුවට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ.