FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටිය සිදුවීම පිළිබඳ වාර්තාවක් පොලිස්පති අතට.

ඇඹිලිපිටියේදී සාදයක ඇති වූ සිද්ධියකින් මියගිය තරුණයාගේ මරණයට අදාළ විමර්ශනවල අතුරු වාර්තාව පොලිස්පතිවරයා වෙත භාරදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න මහතා ඊයේ (17) අදාළ අතුරු වාර්තාව පොලිස්පතිවරයා වෙත භාරදී ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බැවින් ඊට අදාළ සම්පූර්ණ වාර්තාව ලබාදීම සඳහා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, තවදුරටත් කල් ඉල්ලා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.