FAST NEWS

24×7 Around the Globe

අතුරුදහන්වූවන්ගේ කොමිසමේ කාලය දිර්ඝ කිරිමට ඉල්ලීමක්.

පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය දීර්ඝ කරන ලෙස එම කොමිසම විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම කොමිසමේ කාලය පෙබරවාරි මස 15 වන දිනෙන් අවසන්විමට නියමිතව ඇත.

ඒ අනුව කොමිසමේ කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලිමක් සිදු කළ බව එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා සඳහන් කළේය.

අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරිම සඳහා පසුගිය රජය සමයේදී අදාළ කොමිසම පිහිටුවා ඇත.

ඒ අනුව කොමිසම විසින් පසුගිය වසර කිහිපය තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සාක්ෂි සටහන් කර ගැනිම් සිදු කළ අතර මේ වන විට අතුරුදන්වූවන් පිළිබද සාක්ෂි 20,000ට අධික ප්‍රමාණයක් කොමිසම විසින් සටහන් කරගෙන තිබේ.

මින් සාක්ෂි 5,000ක් පමණ යුධ හමුදා නිලධාරින් විසින් ලබාදී ඇති බව සඳහන්ය.

අදාළ සාක්ෂි පිළිබඳ විමර්ශන කටයුතු මේ වන විට සිදු කෙරෙන අතර ඉදිරි විමර්ශන සිදු කිරිම සඳහා කොමිසමේ කාලය දිර්ඝ කිරිම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව එම කොමිසම පෙන්වා දෙයි.