FAST NEWS

24×7 Around the Globe

පාන් වලටත් පාලන මිලක්?

පාන් සඳහා පාලන මිලක් හඳුන්වා දෙන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේ පාලන මිලක් නොමැති වීම හේතුවෙන් බේකරි හිමියන් නිසි ප‍්‍රමිතියෙන් ද තොරව විවිධ මිල ගණන් යටතේ පාන් අලෙවි කරන බවයි. මේ නිසා පාරිභෝගික ජනතාව දැඩි පීඩාවන්ට පත්වන බව රංජිත් විතානගේ මහතා සඳහන් කළා.

මේ අතර පාන් මිල රුපියලකින් අඩු කිරීමට බේකරි හිිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ, අයවැයෙන් වැඩි කෙරුණු ජාතිය ගොඩනැගීමේ බද්ද තාවකාලිකව අත්හිටුවීමට රජය ගත් තීරණයත් සමගයි.

කෙසේ වෙතත් වැඩි මිල ගණන් යටතේ තවදුරටත් වෙළෙඳපොළේ පාන් අලෙවි කෙරේ.

ඇතැම් ප‍්‍රදේශවල පාන් රාත්තලක් අලෙවි කෙරෙන්නේ රුපියල් 55ත් 60ත් අතර මිලකට අලෙවි කෙරෙනවා.