FAST NEWS

24×7 Around the Globe

වැඩ වර්ජනය තාවකාලිකව නවතා දමයි.

වැටුප් වර්ධනය කරගැනීමට අදාළව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසා තිබේ.

ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ආණ්ඩුව එකඟ වූ පරිදි වැටුප් වැඩි නොකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා වර්ජනයක් දියත් කිරීමට කලින් තීරණය කර තිබූ බවයි.

එහෙත් ආණ්ඩුව සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය වෙනස් කළ බව සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.