FAST NEWS

24×7 Around the Globe

මහනාහිමිවරුන් ලබාදෙන උපදෙස් පිළිපැදීමට රජය සූදානම්-අමාත්‍ය විජේදාස රාජපක්ෂ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ථෙරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් වෙත යළි පිළිගැන්වීමට රජය තීරණය කර තිබෙනවා.
බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ අදාළ පනත සම්බන්ධයෙන් මහනාහිමිවරුන් ලබාදෙන උපදෙස් පිළිපැදීමට රජය සූදානම් බවයි.

අදාළ පනත සම්බන්ධයෙන් මහනාහිමිවරුන් සංශෝධන ඉදිරිපත් කරන්නේ නම් එම සංශෝධන පිිළිගැනීමට ද රජය සූදානම් බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

භික්ෂු විනයට අදාළව කථිකාවතක් ලියාපදිංචි කිරීම සඳහා පනත් කෙටුම්පතක් ගෙන එන ලෙස පාර්ශ්ව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වුණා. ඒ අනුව මහනාහිමිවරුන්ගේ ද උපදෙස් පරිදි මෙම පනත සකස් කෙරුණු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙවැනි නීති රීති සම්පාදනය නොකිරීම සම්බන්ධයෙන් මහනාහිමිවරුන් ද රජයට දෝෂාරෝපණය එල්ල කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.