FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු ඉහළට ?

ඩීසල් මිල පහත දැමීමට රජය කටයුතු නොකළහොත් ඉදිරියේදී රුපියල් 8ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 10 දක්වා වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කළේය.

බස් ගාස්තු වැඩි නොකිරීමට නම් ඩීසල් මිල පහත හෙලීමට රජය කටයුතු පියවර ගත යුතු බව එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් අවධාරණය කර සිටියේය.

2004 වසරේ අප්‍රේල් මාසයට පසුව ලෝක වෙළඳපොලේ අවම මිල සටහන් කරමින් පෙරේදා වන විට බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඇමරිකානු ඩොලර් 30 ක් ලෙසයි.