ශිරන්ති රාජපක්ෂගෙන් FCIDය පැය 2ක් ප්‍රශ්න කරයි

ශිරන්ති රාජපක්ෂගෙන් FCIDය පැය 2ක් ප්‍රශ්න කරයි

 

බැංකු ගිණුමකට අදාලව,හිටපු ජනාධිපති බිරිද ශිරන්ති රාජපක්ෂගෙන් FCID ය පැය 2කට අධික කාලයක් ප්‍රශ්න කරයි.

********************************************************

(පෙර පුවත)

ශිරන්ති රාජපක්ෂ අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (01)  පෙනී සිටීමට නියමිතව ඇත. සිරිලිය සවිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන විමර්ශනයක් සඳහා, ඇය මෙලෙස කැදවා ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ, සිරිලිය සවිය පවත්වාගෙන ගොස් ඇත්තේ සිය සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වශයෙනි. ඒ සඳහා මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන ගොස් ඇති ගිණුම සැකයට භාජනය වී ඇතැයි සති අන්ත පුවත්පතක් පසුගිය පෙබරවාරි 8 වනදා වාර්තා කර සිටියේය.

කෙසේ වෙතත්, ඇය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැදවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් තංගල්ල නගරයේ ඊයේ විරෝධතාවක් ද පැවැත්විණි. ඊට හම්බන්තොට නගරයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් මෙන්ම ජනතාව ද එක්ව සිටියහ.