FAST NEWS

24×7 Around the Globe

ලෝක වෙළඳපො‍ළේ ඉන්ධන මිල අඩු වීමේ වාසිය ජනතාවට නැ.

ලෝක වෙළඳපො‍ළේ ඉන්ධන මිල සීග්‍ර ලෙස පහල යාමේ වාසිය මෙරට ජනතාවට හිමිවී නොමැති බව පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

වසර 11ට පසු ලෝක වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල ඊයේ අවම අගයක් වාර්තා වූණු අතර එය අමෙරිකානු ඩොලර් 30 ක් පමණ වන බව වාර්තා විය.

ගත වූ මාස 05 තුළ ඉන්ධන මිල 70% ක පමණ පහල යාමක් පෙන්නුම් කර තිබුණ ද ජනතාවට කිසිඳු ආකාරයක සහනයක් ලැබී නොමැති බව පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හදුන්වාදිමට පසුගිය දිනෙක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ද මෙතෙක් අනුමැතිය හිමිවී නොමැති බවද රජයේ ආරංචි මාර්ග පවසයි.

අදාළ යෝජනාව සඳහා මුදල් අමාත්‍යංශයේ නිර්දේශ ඉදිරිපත් කිරිමට සතියක පමණ කාලයක් අවශ්‍ය බව පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්විමකදී අනාවරණය වී තිබේ.