FAST NEWS

24×7 Around the Globe

දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට පියවර.

ජනතා ඉල්ලීම් සලකාබලමින් උතුරු හා තලෙයිමන්නාරම මාර්ගවල දුම්රිය කාලසටහන සංශෝදනය කිරීමට පියවර ගෙන තිබෙනවා.ඒ අනුව ලබන මස 5 වනදා සිට නව කාලසටහනක් අනුව දුම්රිය ධාවනය වන බවයි ශ්‍රී ලංකා දුම්රියි දෙපාර්තමේන්තුව පවසන්නේ.ඒ අනුව ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.50ට ගමන් ආරම්භ කරන යාල්දේවී දුම්රිය පෙරවරු 6.35ට කොළඹ කොටුවට පැමිණෙනවා.එම දුම්රිය අනුරාධපුරයට ළඟා වන්නේ පෙරවරු 10.40ටයි. පස්වරු 2.37ට යාපනයට පැමිණෙන දුම්රිය 3.20ට කංකසන්තුරේ දුම්රිය ස්ථානයට ළඟා වෙනවා.

යාල්දේවී දුම්රිය කංකසන්තුරයෙන් පෙරවරු 8.25ට ගමන් ආරම්භකර යාපනයට පෙරවරු 9.35ට පැමිණෙනවා. අනුරාධපුරයට පස්වරු 1.50ට ළඟාවන යාල්දේවී දුම්රිය කොළඹ කොටුවට පැමිණෙන්නේ පස්වරු 6.32ටයි. එම දුම්රිය පස්වරු 6.58ට ගල්කිස්සට ළඟාවීමට නියමිතයි.

ඉරිදා පමණක් ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 8.20ට යාපනයෙන් පිටත්වන අතර පස්වරු 4.25ට කොළඹ කොටුවට පැමිණෙනවා.

තලෙයි මන්නාරම දුම්රිය මාර්ගය ඔස්සේ පැමිණෙන දුම්රිය තලෙයිමන්නාරමෙන් පිටත් වන්නේ පෙරවරු 7.30යි. එය කොළඹ කොටුවට පස්වරු 4.05ට ළඟාවනවා.