FAST NEWS

24×7 Around the Globe

මංතීරු නීති පුවරු දමිළ භාෂාවෙනුත්.

බස්නාහිර පළාතේ ප‍්‍රථමවරට ක‍්‍රියාත්මක කරන මංතීරු නීතිය පිළිබඳව දෙමළ භාෂාවෙන් දැක්වෙන පුවරු ඉදිරි දෙසතියේදී සවිකරන ලෙස ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.
එසේ නොවන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන බවද එම අමාත්‍යාංශය පොලිස්පතිවරයා වෙත ලිපියෙන් දන්වා යවා තිබේ.
‘මංතීරු නීතිය ක‍්‍රියාත්මකයි‘ යන පුවරු සිංහල හා ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් සවිකර තිබීමත් දෙමළ භාෂාවෙන් ඒ බව සඳහන් නොවීමත් මෙම තත්ත්වයට හේතුවී තිබේ. දෙසැම්බර් 01 වැනිදා මංතීරු නීතිය ආරම්භ විය.