FAST NEWS

24×7 Around the Globe

මෙරට ආර්ථිකය ගැන කිරිඇල්ලගෙන් අනතුරු ඇගවීමක්.

මෙරට ආර්ථිකය පවතින්නේ ඉතා භයානක තත්ත්වයක බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශකර තිබේ.

මහනුවර,උඩුදුම්බර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශකර ඇත.

අමාත්‍යවරයා පෙන්වා දී තිබෙන්නේ ජාතික ආණ්ඩුව තුළින් අපේක්ෂා කරන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා දිගු කාලීන ප්‍රතිපත්ති සකස් කිරිමක් සිදු වන බවයි.