උමා ඔය බහුයෝජනා ව්‍යාපාරය නිසා ජනතාව මුහුණ දෙන ජල ප්‍රශ්නය ඇතුලු අනෙක් ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති පියවර වාර්තාවක් මගින් අධිකරණයට සතියක් තුළ ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ.
උමා ඔය යෝජනා ක්‍රමයට එරෙහිව බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් තුන්දෙනෙකු සහ පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුවය මෙම නියෝගය නිකුත් කර ඇත.
පෙත්සම නැවත සළකා බැලීම ලබන මස දහඅටවනදාට කල් තැබීය..







