හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේද බරපතළ වංචා විමර්ශන ජනාධිපති වෙත පැමිණ තිබේ.
රක්නා ලංකා සමාගමේ සිදුවූ බව කියන අක්රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව සාක්ෂි විමසීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ඔහු කොමිසම වෙත පැමිණි බව එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කරයි.
අද (14) පෙරවරු 9.00ට මෙම සාක්ෂි විමසීම ආරම්භ වූ අතර සාක්ෂි ලබාදීම සඳහා නාවික හමුදාවේ නිළධාරීන් සිව් දෙනෙකු අද දිනයේ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.







