FAST NEWS

24×7 Around the Globe

ලංකා ඛනිජ තෙල් බෙදාහැරීම අඩපණ වන ලකුණු.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් පිරිසක් අද (14) උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ.

මෙම උද්ඝෝෂණයට හේතුව එම සංස්ථාවේ කොටසක් පෞද්ගලීකරණය කිරිමට ආණ්ඩුව නැවත වරක් උත්සාහ කිරීම බව ඔවුන් සදහන් කරයි.

උද්ඝෝෂණය හේතුවෙන් අද (14) පස්වරුවේ තෙල් බෙදා හැරීමේ කටයුතු අඩාල විය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා ප්‍රකාශකර සිටී.