FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට.

එංගලන්ත විදේශ කටයුතු අමාත්‍ය හියුගේ ස්වරී තෙදින නිල සංචාරයක් සඳහා අද (14) පෙරවරුවේදී දිවයිනට පැමිණියේය.

ඔහු දි රජයේ ඉහළ නියෝජිතයන් හා ද්විපාර්ශ්වීය සාකච්චා කිහිපයක්ද පැවැත්වීමට නියමිතය.

බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලබන 16 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

මෙම සංචාරය තුළ දී හියුගෝ ස්වායර් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ අතර හෙට දිනයේ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරතවීමට නියමිතය.