නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාපිත මණ්ඩලයක් බවට පත් කිරීමට අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද යෝජනාවට මේ වන තෙක් ඇමති මණ්ඩලයේ අනුමැතිය හිමිව නැති බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඒකාබද්ද විපක්‍ෂය විසින් අද(13) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
එසේම ආණ්ඩුව තුළ මේ වන විට බෙදීම් ඇති වී ඇති බවත්, මෙරටේ මේ වන විට පොලිස් රාජ්‍යක් බිහි වී ඇති බවත්, ඒ මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.අ








