FAST NEWS

24×7 Around the Globe

මත්තල ගුවන්තොටුපලේ වී හෙට ඉවතට.

මත්තල ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ ගබඩා කර ඇති වී හෙට දිනයේ දී ඉවත් කරගන්නා බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එහි ගබඩා කර ඇති වී මෙට්‍රික් ටොන් 4054ක් ඉන් ඉවත් කරගන්නා බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

පසුගිය වසරේ දී මත්තල ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ වී ගබඩා කිරීමට රජය පියවර ගත් අතර ඒ පිළිබඳ සමාජය තුළ කතාබහක් ද මතු වුණි.

කෙසේ වෙතත් පසුගියදා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා ප්‍රකාශ කළේ මත්තල ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ ගබඩා කර ඇති වී මෙම සතිය තුළ ඉවත් කර ගැනීමට කටයුතු කරන බවයි.