FAST NEWS

24×7 Around the Globe

සේයා ඝාතන නඩුව 25 සිට අඛණ්ඩව විභාගයට නියෝග.

කොටදෙනියාවේ සේයා සදෙව්මි බක්මීදෙණිය දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සමන් ජයලත්ට එරෙහි නඩුව ජනවාරි 25 වැනි දා සිට අඛණ්ඩව විභාග කිරීමට මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (13) නියෝග කළාය.

සාක්කිකරුවන් 30 දෙනාට සිතාසි නිකුත් කරන ලෙස ද විනිසුරුවරිය ලේඛකාධිකාරීට නියෝග කළාය.
2015 සැප්තැම්බර 12 වැනි දා සේයා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කර තිබිණි.