FAST NEWS

24×7 Around the Globe

ගම්මන්පිලගෙන් හිරුණිකාට එරෙහිව නඩු.

ස්‌වාධීන රූපවාහිනි නාලිකාව මගින් විකාශනය වූ වැඩසටහනකදී කළ ද්වේශ සහගත ප්‍රකාශ නිසා තමන්ගේ කීර්ති නාමයට සිදුවූ අපහාසයට රුපියල් මිලියන 500 ක වන්දියක්‌ ලබාදීමට නියෝගයක්‌ කරන්නැයි ඉල්ලා කොළඹ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ඊයේ (12 දා) කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.

2015 ජූලි 2 වැනිදා විකාශනය වූ ගිරය වැඩසටහනේ දී ඇය තමන්ගේ පෞද්ගලික ජීවිතයට අදාළව කළ ද්වේශ සහගත ප්‍රකාශ නිසා තමන්ගේ කීර්ති නාමයට පිරිමැසිය නොහැකි හානියක්‌ මෙන්ම බලවත් මානසික හානියක්‌ සිදුවී ඇති බවත්, පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබුණි.