FAST NEWS

24×7 Around the Globe

දෙමටගොඩ සිද්ධියේ සී.සී.ටී.වී දර්ශන මොරටු සරසවියට.

දෙමටගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැර ගෙනයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පා.ම. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් 9 දෙනා අද (12) අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

ඒ අදාළ චෝදනාව සම්බන්ධයෙන් වන නඩුව අද (12)  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් නිහායි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී අදාළ පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබී ඇති සි.සි.ටී.වී.දර්ශන වැඩිදුර විමර්ශන සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ්  නිහායි මහතා නියෝග කර ඇති අතර මන්ත්‍රීවරියගේ ඩිෆෙන්ඩර් රථය මුදාහැරීමද  ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම සිද්ධිය ගැන වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව එහිදි ‍කොළඹ අපරාධ  කොට්ඨාසය දැනුම්දී ඇති අතර  වැඩිදුර නඩු විභාගය ලබන 26 වැනිදාට කල්තැබිණ.