FAST NEWS

24×7 Around the Globe

කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ට නඩු.

කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ පහරදීමට ලක්වූ ඔහුගේ ම සේවකයකු නීතිය හමුවට යන බව ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ක්‍රවුන් මෙල්බර්න් කැසිනෝ ශාලාවේ ආරක්ෂක නිලධාරියෙකි.

දිවා ආහාරයේ දී කැසිනෝ ශාලාවට පැමිණි පැකර්ට එහි ඇතුළු වීමට ආරක්ෂක නිලධාරියා ඉඩ දී නැති බවත් ඒ අවස්ථාවේ දී පැකර් ඔහුට බැණ වැදී පහරදී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. දිවා කාලයේ දී කැසිනෝ ශාලාවට කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස නීතියක් පනවා තිබේ.

සිරියානු වැසියකු වන මේ ආරක්ෂකයා වසර 25ක් ඕස්ට්‍රේලියාවේ ජීවත්ව ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි. ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන්ට ජේම්ස් පැකර් හදුනාගත නොහැකි වූ බවයි. මේ හේතුවෙන් තමන්ට ලැබී ඇති උපදෙස් අනුව ක්‍රියාකළ බවත් එම අවස්ථාවේ දී ඔහු තමන්ට බැණ වැදී පහරදුන් බවත් ආරක්ෂක නිලධාරියා පවසයි.

පහර දීමෙන් පසු බිම ඇදවැටුණු සේවකයා රෝහල්ගත කර සිටි බව ද මාධ්‍ය වාර්තාවල දැක්වේ