යාපනය, පුංකුඩතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව මියගිය විද්‍යා දැරිය සම්බන්ධයෙන් වන නඩු විභාගය කයිට්ස් නව මහේස්ත්‍රාත් ඒ.එම්.එම්.රියාල් මහතාගේ ප්‍රධානත්වයෙන් නැවත ආරම්භ කර තිබේ.
යාපනය කයිට්ස් පොලීසිය පැවසුවේ කයිට්ස් මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ එස්.ලෙනින් කුමාර් මහතාට ස්ථානමාරුවක් ලැබීමත් සමග නඩු විභාගය නව මහේස්ත්‍රාත්වරයා යටතේ ඊයේ (11) දිනයේ සිට ආරම්භ වු බවයි.
පසුගිය වසරේ මැයි 13 වැනිදා විද්‍යා දැරිය යාපනය පුංකුඩතිව් විද්‍යාලයේ සිට යළි පැමිණෙමින් සිටියදී සමූහ දූෂණයට ලක්ව ජීවිතක්ෂයට පත් වු අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 10දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේය.








