හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘ ට මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධි චෝදනා බාර දුන්නේය.
නිවසේ මෙහෙකාරිය අපයෝජනය කළැයි නීතිපති ඔහුට චෝදනා ගොනු කළේය. රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරු නියෝග කළේය.
ඇපකරුවන් පැමිණ නොසිටීම නඩුව කල් තැබීමෙන් පසු යළි කැඳවිණි.
තමා නිවැරදිකරු බව හිටපු විනිසුරු ආබෘ කීවේය. මාධ්‍යවේදියෙක් හා දිවි නැගුම නිලධරයකු ඇපයට අත්සන් කිරීමෙන් පසු ඔහුගේ ඇඟිලි සලකුණුද ගැනිණි.
නඩු විභාගය මැයි 23 වැනිදාට කල් තැබූ බව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රකාශ කළේය.








