නාවික හමුදාවෙන් රුපියල් බිලියන දෙකයි දශම පහක් (2.5) අලාභයක් ඉල්ලා නාවික හමුදාපතිට එන්තරවාසියක් යැවීමට ඇවන්ගාඩ් සමාගම සිය නීතිඥවරු මඟින් ක්‍රියාකර තිබෙන බව ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා ජනාධිපති කොමිසම හමුවේ ඉකුත් 08දා අනාවරණය කළේය.
තවද එම එන්තරවාසියේ පිටපත නීතිපතිවරයා වෙතට යවා තිබෙන බවත් ජනාධිපති නීතිඥ සොයිසා මහතා එහිදීවැඩිදුරටත් අනාවරණය කළේය. ඊට අමතරව, රක්නා ලංකා සමාගමෙන් අමෙරිකා ඩොලර් බිලියන දොළහක් ඉල්ලා සිංගප්පූරුවේ බේරුම්කාර මණ්ඩලයක් වෙතටද අදාළ ක්‍රියාමාර්ග ගැනීම පවරා තිබෙන බවත් ජනාධිපති කොමිසම හමුවේ ඒ මහතා ප්‍රකාශ කළේය.
කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් සිටි රියර් අද්මිරාල් නීල් ජූඩ් රොසයිරෝ මහතාගෙන් හරස් ප්‍රශ්න විමසමින් ජනාධිපති නීතිඥ කුවේරා මහතා මෙම අනාවරණය කොමිසම හමුවේ අවධාරණය කළේය.








