FAST NEWS

24×7 Around the Globe

විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65දක්වා දීර්ඝ කිරීමට පියවර.

රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65දක්වා දීර්ඝ කිරීමට අදාළ යෝජනාවක් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජ්‍ය සේවකයෙකු වයස අවුරුදු 60 න් විශ්‍රාම ගැන්වීමේ තීරණයට තමා විරුද්ධ බව අමාත්‍යවරා කියා සිටියේය.

පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා  මේ බව පැවසුවේය.

කේම්බ්‍රිජ් වැනි සරසවිවල අවුරුදු 85 දීත් සිය අධ්‍යාපන ඥානය බෙදාදුන් මහාචාර්යවරු සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා දැනුම බෙදාදිය හැකි හොඳම වයසේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගන්වන බව කියා සිටියේය.

මෙම තත්ත්වය නතර කර  රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වැඩි කිරීමට පියවර ගත යුතු බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.