අද වැනි උදෑසන 10.15 පමණ අත්තිඩිය බේකරි හන්දිය ප්‍රදේශයේදී සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාට නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා මරාදමනු ලැබිය. සිය කාර්යාලය වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වූ වික්‍රමතුංග මහතා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරු ව ඒදින දහවල් 2.15 පමණ ජීවිතක්ෂයට පත් විය.
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අද දිනට (8 ) වසර 7ක් ගත වි අැත. නමුත් මේ වසර හතක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ.
කොළඹ අධිආරක්ෂක කලාපයකදී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන තුවක්කු කරුවෙකු වෙඩි තබා පලා ගියේ එවකට තිබූ හමුදා මුරකපොලු කිහිපයක් පසු කර ගෙන බව කවුරැත් දන්නා සත්‍යයකි.
නමුත් එවකට එම මුරකපොලුවලින් එසේ බේරී පළා යාමට හැක්කේ කාටද යන්න? අද ද කවුරැත් දන්නා රහසක් ව පවතී.








