FAST NEWS

24×7 Around the Globe

පෙරටුගාමි කුමාර් නැවතත් රිමාන්ඩ්.

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්ය.

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටීමේ චෝදනා මත පසුගිය නොවැම්බර් මස 04 වනදා කෑගල්ල, අගුරුවැල්ල ප්‍රදේශයේදී  කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගනු ලැබුවේය.