FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂ අදත් ජනපති කොමීසමට.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අදත් (8) බරපතල දූෂණ හා වංචා පිළිබඳ ජනපති කොමිසමට පැමිණියේය.

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සේවකයන්ට එම සමාගමෙන් පඩි ගෙවමින් 2014 නොවැම්බරයේ සිට 2015 ජනවාරි දක්වා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද වැඩවලට යොදා ගනිමින් මූල්‍ය අක්‍රමිකතාවක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොමිසම හමුවේ ඔහු පෙනී සිටින 7 වැනි වාරය මෙයයි.