FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති රෝහිත නඩු.

රුපියල් ලක්ෂ 412ට අධික මුදල් හා දේපළ අල්ලස් මගින් අත්පත් කර ගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පියවර ගෙන තිබේ.

ඒ අනූව පහලගේ රෝහිත පියතිස්ස අබේගුණවර්ධන යන අයට එරෙහිව කොළඹ මහාධිකරණයට අද අධිචෝදනා පත්‍ර ගොනු කළ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශණ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.

හිටපු අමාත්‍යවරයා විසින් අදාළ‍ දේපළ හා මුදල් 2004 – 2006 අතර කාලයේදී අල්ලස් මගින් අත්පත් කරගෙන ඇති බවට චෝදනා කරමින් මෙලෙස නඩු පවරා ඇත.