FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කටයුතු වෙනුවන් ජංගම යෙදුමක්.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කටයුතු ජංගම දුරකථනය මගින් පහසුවෙන් දැනගැනීමට හැකිවන පරිදි ජංගම යෙදුමක් (ඇප් එකක්) හඳුන්වාදීමට පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ ප්‍රථම නිල ජංගම යෙදුම දියත් කිරීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07දා) දිනයේදී සිදුකිරීමට නියමිතය. රජයේ කටයුතු පහසුවෙන් සිදුකිරීම සඳහා නව තාක්ෂණය යොදාගැනීමේ පියවරක් ලෙස මෙම යෙදුම හඳුන්වාදීමට තීරණය කර තිබේ.