බරපතළ වංචා හා දූෂණ සොයා බැලීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ නීතිමය බලතල වැඩි කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයා සහ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
නීතිමය බලතල වැඩි කරන ලෙස එම කොමිෂන් සභාවද තමන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.ගුවන් විදුලියේ ඊයේ (06 වැනිදා) විකාශය වූ “සුභාරතී” වැඩසටහනට එක්‌වෙමින් මේ බව සඳහන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිෂන් සභාවේ නීතිමය බලතල වැඩි කිරීමෙන් වැරදි කරුවන්ට දඬුවම් දීම කඩිනම් කළ හැකි වන බවද කියා සිටියේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොමිෂන් සභාවේ නීතිමය බලතල වැඩි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විඡේසූරිය මහතා එම වැඩසටහනේදී ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.







