FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය සුපිරි නළු සංජය දත්ගේ සිර දඩුවම කලින් අවසන්.

ඉන්දීය සුපිරි නළු සංජය දත්ගේ බන්ධනාගාරය තුළ යහපත් කල්කිරියාවෙන් ගත කිරිම නිසා සිරදඬුවම් කාලය අඩු කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ගිනි අවි ළඟ තබාගත් බවට එල්ල වූ චෝදනාක් ඔප්පු වීම නිසා සංජය දත්ට වසර 5ක සිරදඬුවම් නියම කර තිබුණී.

කෙසේ වෙතත් සංජය දත්ගේ සිරදඬුවම නිම වීමට දින 103කට පෙර ඔහුට නිදහස් වීමට අවස්ථාව ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

අනුව ලබන පෙබරවාරි මස 25 වැනිදා සංජයදත්ට නිදහස හිමිවනු ඇත.