FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂය හා ජනපති අතර විශේෂ හමුවක්.

පාර්ලිමේන්තුව මේ මස 09 වැනිදා රැස්වූ පසුව සියලු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් පත්කිරීමට අදාළව රජය අනුගමනය කරනු ලබන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසාදයක් නොමැති නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කරුණු දැක්වීමට තීරණය කළ බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ රැස්වී මෙම තීරණයට එළැඹී බවත්, ජනාධිපතිවරයාගේ ස්ථාවරය අනුව ඊට දක්වන ප්‍රතිචාරය වෙනස් විය හැකි බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

බොරැල්ල එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ අද (06දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.